The Sri Lanka – China Friendship Association (SLCFA) is deeply concerned about the new heavy tariffs recently introduced by the United States on Chinese goods. One of the most worrying actions is the U.S. decision to charge a fee of US$50 per net ton on ships built in China, starting from mid-October. These steps, which are said to support the U.S. shipbuilding industry, will create serious problems for global trade and the world economy.

 

These actions do not only affect China—they impact the entire world. They will increase the cost of shipping, disturb the flow of goods between countries, and make inflation worse. This will hurt both consumers and businesses in the U.S. and many other nations.

 

Sri Lanka is still recovering after a difficult financial crisis. We are slowly rebuilding our economy with great care. But when large countries take sudden economic decisions like this, they create uncertainty and difficulty for smaller and developing nations like ours. These pressures can make our recovery even harder.

 

We agree with the recent remarks made by His Excellency Xi Jinping, President of the People’s Republic of China, during his visit to Malaysia. He said that Asian countries should stand together against geopolitical conflicts, unfair trade practices, and protectionism. We believe his message is important for this moment in time. The region must work together to stay peaceful, strong, and independent.

 

China’s efforts to support global cooperation—through projects like the Belt and Road Initiative, Global Development Initiative and Global Security Initiative—are a sign of true leadership. These ideas bring hope at a time when many international relationships are under stress.

 

The SLCFA believes it is important for all countries to work together, talk openly, and support fair trade. Big nations must not use their power to harm others. Instead, they should help build a global economy that is stable and fair for everyone—especially for smaller countries like Sri Lanka.

 

We stand with China and with all nations that support peace, fairness, and cooperation. Let us work together to protect the future of our global economy and the well-being of people everywhere.

 

Ananda Goonatilleke, Attorney-at-Law

President

Sri Lanka-China Friendship Association

 

 

චීනයට නව එක්සත් ජනපද තීරුබදු පැනවීමෙන් ලෝක ආර්ථිකය අවදානමකට පත්වෙලා

මෑතකදී ඇමරිකා එක්සත් ජනපදය විසින් චීන භාණ්ඩ සඳහා හඳුන්වා දුන් නව දැඩි තීරුබදු පිළිබඳව ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය (SLCFA) දැඩි කනස්සල්ල පළ කරයි. ඔක්තෝබර් මැද භාගයේ සිට චීනයේ ඉදිකරන ලද නැව් සඳහා ශුද්ධ ටොන් එකකට ඇමරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් අය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයද එම කනස්සල්ල වඩාත් තීව්‍ර කරයි. ඇමරිකා එක්සත් ජනපද නැව් තැනීමේ කර්මාන්තයට සහාය වන බව පවසමින් ඇමරිකාව ගෙන ඇති මෙම පියවර ගෝලීය වෙළඳාමට සහ ලෝක ආර්ථිකයට බරපතල ගැටළු ඇති කරයි.

 

මෙම ක්‍රියාමාර්ග චීනයට පමණක් නොව සමස්ත ලෝකයටම දැඩි අයහපත් බලපෑමක් ඇති කරයි. එම නව බදු මගින් නැව්ගත කිරීමේ පිරිවැය වැඩි කරනු ඇත. එය රටවල් අතර භාණ්ඩ ප්‍රවාහයට බාධා කරනු ඇති අතර උද්ධමනය තවත් නරක අතට හැරෙනු ඇත. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ සහ තවත් බොහෝ රටවල පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට විශාල අයහපත් ප්‍රතිඵල ඇති කරනු ඇත.

 

දුෂ්කර මූල්‍ය අර්බුදයකින් පසු ශ්‍රී ලංකාව තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටී. අප රට ඉතා පරිස්සමින් අපගේ ආර්ථිකය සෙමින් නැවත ගොඩනඟමින් සිටියදී ඉතා විශාල රටවල් මෙවැනි හදිසි ආර්ථික තීරණ ගන්නා විට, ඒවා අප වැනි කුඩා හා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට අවිනිශ්චිත භාවයක් සහ අතිශය දුෂ්කරතා ඇති කරයි. මෙම පීඩන අපගේ යථා තත්ත්වයට පත්වීම තවත් දුෂ්කර කළ හැකිය.

 

මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂී ජින්පින් මහතා මැලේසියාවේ කළ සංචාරයේදී සිදුකළ මෑත කාලීන ප්‍රකාශ සමඟ අපි එකඟ වෙමු. ආසියානු රටවල් භූ දේශපාලනික ගැටුම්, අසාධාරණ වෙළඳ පිළිවෙත් සහ ආරක්ෂණවාදයට එරෙහිව එක්ව සිටිය යුතු බව ඔහු පැවසීය. ඔහුගේ පණිවිඩය මේ මොහොතේ වැදගත් බව අපි විශ්වාස කරමු. සාමකාමීව, ශක්තිමත්ව සහ ස්වාධීනව සිටීමට කලාපයක් ලෙස සියලු ජාතීන් එක්ව කටයුතු කළ යුතුය.

 

එක් තීරයක් එක් මාවතක්  වැඩසටහන, ගෝලීය සංවර්ධන වැඩසටහන සහ ගෝලීය ආරක්ෂක වැඩසටහන වැනි ව්‍යාපෘති හරහා ගෝලීය සහයෝගීතාවයට සහාය වීමට චීනය දරන උත්සාහයන් සැබෑ නායකත්වයේ ලකුණකි. ඇමරිකා එක්සත් ජනපදයේ මෑත කාලීන ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ ජාත්‍යන්තර සබඳතා ආතතියට පත්ව ඇති අවස්ථාවක චීන ජනාධිපතිවරයාගේ මෙම අදහස් බලාපොරොත්තුවක් ගෙන එයි.

 

සියලුම රටවල් එකට වැඩ කිරීම, විවෘතව අදහස් හුවමාරු කිරීම සහ සාධාරණ ගෝලීය වෙළඳාමට සහාය වීම වැදගත් බව ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය විශ්වාස කරයි. විශාල ජාතීන් අන් අයට හානි කිරීමට තම බලය භාවිතා නොකළ යුතුය. ඒ වෙනුවට, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සඳහා උපකාරී වන සැමට ස්ථාවර සහ සාධාරණ ගෝලීය ආර්ථිකයක් ගොඩනැගීමට උදව් කළ යුතුය.

 

අපි ස්වාධීන රටක් ලෙස චීනය සමඟ සාමය, සාධාරණත්වය සහ සහයෝගීතාවයට සහාය දක්වන සියලුම ජාතීන් සමඟ එක්ව සිටින්නෙමු. අපගේ ගෝලීය ආර්ථිකයේ අනාගතය සහ සකල ලෝකවාසී ජනතාවගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමට අපි එක්ව කටයුතු කරමු.

 

නීතිඥ ආනන්ද ගුණතිලක මහතා

සභාපති

ශ්‍රී ලංකා – චීන මිත්‍ර සංගමය